දයා ගමගේ ගහපු ගේම

හිටපු අමාත්‍ය දයා ගමගේ මහතා විසින් පවත්වගෙන ගිය බිම්පුත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය, ජාතික ඉතිරි කිරිමේ බැංකුවෙන් අවස්ථා දෙකකදී ලබාගෙන ඇති රුපියල් මිලයන 300 ක ණය මුදල් මත පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා.
මේ තොරතුරු අනාවරණය වූයේ ජාතික ඉතිරිකිරීමේ බැංකු නිලධාරීන් රජයේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට ඊයේ කැඳවූ අවස්ථාවේ දීයි.
කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයාට ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යෑමට ලබා දුන් මෙම රුපියල් මිලියන 300ක මුදල මෙතෙක් අයකර ගැනීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව අපොහොසත් වී ඇති බවත් එහිදී අනාවරණ වුණා.

Share