ඉන්දියානු සාගර කාලාපය තුල සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ සහභාගීත්වයෙන් සිව්දිනක් පුරා මාලදිවයින් මුහුදු තීරයේදී පැවති ’17 වැනි දෝස්ති ත්‍රෛයිපාර්ශ්වික නාවික අභ්‍යසය සාර්ථකව නිමාවට පත්ව තිබෙනවා.
මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව සහභාගි වුණා.
කලාපීය සමුද්‍රීය පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවැනි අභ්‍යාස සඳහා සහභාගිවීම මඟින් වැඩි දියුණු වන සහයෝගීතාවය සහ හුවමාරු කර ගනු ලබන නව දැනුම හා අත්දැකීම් තුලින්, ඉන්දීය සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග වෙත ඉදිරියේදී සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට හා ඒ සඳහා විසඳුම් සෙවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත හැකියාව ලැබෙනු ඇතැයි නාවික හමුදාව නිවේදනය කළා.
මෙවැනි අභ්‍යාස මගින් ඉන්දීය සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග වෙත ඉදිරියේදී සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට හා ඒ සඳහා විසඳුම් සෙවීමේ ශ්‍රී ලංකාවේ හැකියාව වැඩිදියුණු කෙරේ – ශ්‍රී ලංකා නාවික හමුදාව





