තරග විභාගයකින් තොරව තමන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් අද ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.
උපාධිය ලබාගැනීමෙන් පසු වසර හතකට වැඩි කාලයක් සංවර්ධන නිලධාරීන් ලෙස ගුරු සේවයේ නිරතව ඇති තම කණ්ඩායමට යළිත් විභාගයකට පෙනී සිටින්නට බල කිරීම දැඩි අසාධාරණයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ඉල්ලීම් කරන්නේ දීර්ඝ කාලයක සිටයි.
ඔවුන් අද ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළේ තම ඉල්ලීම් මේ දක්වා ඉටු නොවීම හේතුවෙන්.
ඔවුන් පෙන්වා දෙන්නේ උපාධිධාරීන් වශයෙන් වසර 7කට කාලයක් ගුරු සේවයේ නිරත වූ තමන්ට තරග විභාගයකට පෙනී සිටින්නැයි බල කිරීම අසාධාරණ බවයි. මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති අද අදහස් පල කළා. මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ මානසික සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනය අනිවාර්යෙන්ම තිබිය යුතු බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය අවධාරණය කරනවා.





