මෙරට ප්රමුඛ පෙළේ සම්මාන උළෙල සියල්ලේ දීම සම්මානයට පාත්ර වූ ටීවී සුප්රීම් නිවුස් ඊයේ යළිත් සම්මානයට පාත්ර වුණා.
ඒ අනුව මෙරට විවිධ ක්ෂේත්රවල වසරේ විශිෂ්ටතමයින් ඇගයීමට ලක් කළ සුවිශේෂි සම්මාන උළෙලක් වූ ගෝල්ඩන් බිස්නස් අවෝර්ඩ්ස් උළෙලේ දී වසරේ ජනප්රිය ප්රවෘත්ති පෞරුෂයට හිමි සම්මානය ටීවී සුප්රීම් නිවුස් හි ප්රවෘත්ති නිවේදිකා උත්පලා රත්නායක දිනා ගත්තා.
Golden business excellence awards උළෙල ඊයේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණේ කොළඹ සිනමන් ලයිෆ් හි දී.
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූ සම්මාන උළෙල නැටුම් ගැයුම් ඇතුළු විචිත්රාංග රැසකින් වර්ණවත් වුණා.
මෙරට විවිධ ක්ෂේත්ර නියෝජනය කරන එම ක්ෂේත්රවල ප්රගමනය උදෙසා සුවිශේෂී කාර්යයක් ඉටු කළ පුද්ගලයින් මෙහිදි විශිෂ්ටතා සම්මානයෙන් ඇගයීමට ලක් කරනු ලැබුවා.
මෙම සම්මාන උළෙලේ දී වසරේ ජනප්රියම ප්රවෘත්ති පෞරුෂයට හිමි සම්මානය සම්මානය හිමි වූයේ ටීවී සුප්රීම් නිවුස් හි ප්රවෘත්ති නිවේදිකා උත්පලා රත්නායකටයි.
මෙරට රූපවාහිනි නිවේදිකාවක ලෙස මීට පෙරද සම්මාන රැසකින් පිදුම් ලබා ඇති උත්පලා රත්නායක පසුගිය දා නිමා වූ ජනාධිපති සම්මාන උළෙලේ දීත් හොඳම ප්රවෘත්ති නිවේදිකාව ලෙස නිර්දේශ වුණා.





