ට්‍රම්ප් ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අද ස්විට්සර්ලන්තයට

ග්‍රීන්ලන්තය සම්බන්ධයේ යුරෝපය සමග උද්ගතව ඇති මතභේදකාරී වාතාවරණය තුළ සහ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අද ස්විට්සර්ලන්තයට ළගා වුණා.
එයාර්ෆෝස් වන් යානයේ ඇති වූ විදුලි ගැටලුවක් හේතුවෙන් ජනාධිපතිවරයා රැගත් යානය යළි වොෂිංටන් ඩීසී වෙත ගොඩබැස්වීම හේතුවෙන් ට්‍රම්ප් සූරිච් වෙත ළගා වූයේ පැය තුනක පමණ ප්‍රමාදයකින්.
සංචාරයට පෙර ඔහු පවසා තිබුණේ ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඩාවෝස් හිදී සාකච්ඡා ගණනාවක් ඇති බවයි.
මේ අතර යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන්, ඩාවෝස් හි දී ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික හමුව අමතමින් ග්‍රීන්ලන්ත ප්‍රශ්නය සෘජුව ආමන්ත්‍රණය කළා.
ග්‍රී වොන් ඩර් ලේන් ඇගේ කතාවේදී, යුරෝපීය සංගමය ග්‍රීන්ලන්තය සහ ඩෙන්මාර්ක රාජධානිය සමඟ “පූර්ණ සහයෝගීතාවයෙන්” සිටින බවත් ඔවුන්ගේ ස්වෛරීභාවය සම්බන්ධයෙන් “සාකච්ඡා කළ නොහැකි” බවත් දැඩිව කියා සිටියා.
න්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධ වුවහොත් පෙබරවාරි 1 වන දින සිට යුරෝපීය රටවල් අටකින් ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 10% ක අතිරේක තීරුබදු එකතු කරන බව එක්සත් ජනපද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
මේ අතර එක්සත් ජනපදය සහ යුරෝපය අතර ආතතීන් තවත් උත්සන්න කරන පියවරක් ලෙස, ජූලි මාසයේදී එකඟ වූ එක්සත් ජනපද වෙළඳ ගිවිසුම අනුමත කිරීම අත්හිටුවීමට යුරෝපීය පාර්ලිමේන්තුව සැලසුම් කරන බව ද වාර්තා වනවා.‍
මෙම අර්බුදය මූල්‍ය වෙළෙඳපොළවල් කැළඹීමට හේතු වී ඇති අතර, වෙළඳ යුද්ධයක් සහ එහි වෙළඳ පියවරයන් සඳහා එක්සත් ජනපදයට එරෙහිව පළිගැනීමේ හැකියාව පිළිබඳ කතාබහ නැවත ඇති කර තිබේ.
අඟහරුවාදා අත්ලාන්තික් සාගරයේ දෙපසම කොටස් වෙළෙඳපොළ පහත වැටුණා.
මෙම තත්ත්වය රන් මිල පළමු වරට අවුන්සයකට ඩොලර් 4,800 ට වඩා ඉහළ ගියා.
ලෝක වෙළෙඳාමේ මෙවන් අවිනිශ්චිත පසුබිමක යුරෝපා සංගමය ඉන්දියාව සමඟ නිදහස් වෙළඳ ගිවිසුම අවසන් අදියරේ පවතින බව යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සමුළුව අමතමින් පැවසුවා.
නමුත්, ඒ සම්බන්ධයෙන් තවත් ඉටුකළ යුතු කාර්යයන් ඇතැයි ඇය සඳහන් කළා.
යුරෝපා සංගමය සිය වෙළෙඳාම විවිධාංගීකරණයට ගන්නා පියවර පැහැදිලි කරමින් යුරෝපීය කොමිසමේ සභාපතිනිය ගිවිසුම බිලියන දෙකක ජනතාවකගේ වෙළෙඳපොලක් නිර්මාණය කරන සියලු ගනුදෙනුවල මව ලෙස හඳුන්වනු ලැබුවා.
වොන් ඩර් ලේන් ලබන සතියේ ඉන්දියාවට පැමිණීමට නියමිතයි.

Share