ජේසු බිළිඳාණන්ගේ උත්පත්තිය සිහි කෙරෙන අසිරිමත් නත්තල අද මධ්‍යම රාත්රියේදී උදාවනවා.
මෙරට ප්‍රධාන මධ්‍යම රාත්‍රී නත්තල් දේව මෙහෙය පැවැත්වෙන්නේ උස්වැටකෙයියාව සාන්ත මරියා දේවස්ථානයේදී.
කිතුණු බැතිමතුන්ගේ ගෞරවනීය ශාස්තෘවරයාණන් වූ ද සාමයේ පණිවුඩය ගෙන ලොවට පහළ වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වූ ද ජේසු ස්වාමි දරුවාණන්ගේ උත්පත්තිය සිහි කරමින් ලොව පුරා විසිරී සිටින කිතුනු බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන්නා වූ උත්සවය වන්නේ නත්තලයි
ජේසු බිළිඳුන්ගේ උපත සැමරෙන අසිරිමත් නත්තල උදා වීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි
රට පුරා කිතුණු බැතිමතුන් උදාවන නත්තල පිළිගැනීමට සැරසුණේ මෙලෙසයි.
ශුද්ධෝත්තම පාප් වහන්සේ විසින් පවත්වනු ලබන නත්තල් දේව මෙහෙයට සහභාගී වීම සඳහා දැනටමත් වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවට ලොව පුරා කිතුණුවන් එකතු වෙමින් සිටිනවා.
මේ අතර මෙරට නත්තල් ප්‍රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව සාන්ත මරියා දේවස්ථානයේදී අද මධ්‍යම රාත්‍රි 11.45ට ආරම්භ වනවා.
ඒ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.
නත්තල් උත්සවය සහ නව වසරේ උදාව වෙනුවෙන් පොලිසිය විශේෂ ආරක්ෂක සහ රථ වාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, නත්තල් දින දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයකම ආගමික නායකයින්ගේ මෙන්ම බැතිමතුන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවයි
මේ අතර නත්තල් උත්සවය නිමිත්තෙන්, කොළඹ නගරය සහ ගාලු මුවදොර ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය නිවේදනය කළා.





