දිවයිනේ ප්‍රදේශ රැසක පැවති වැසි සහිත කාලගුණයත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 89ක් තවදුරටත් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසනවා.
මේ අතර දිස්ත්‍රික්ක 05කට දෙවන අදියරේ සහ දිස්ත්‍රික්ක 02 කට තෙවන අදියරේ නායයෑම් පිලිබදව නිවේදන තවදුරටත් දිර්ග කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරන්නේ.
පවතින වැසි සහිත කාලගුණයත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 89ක් තවදුරටත් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසනවා.
ඒ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගනය, නාච්චිදූව සහ අංගමුව යන ජලාශ සහ පොළොන්නරුව මොරගහකන්ද ජලාශයේ වාන්දොරටු පහෙන් එකක් ද ඊයේ රාත්‍රීයේ සිට විවෘත කර තිබෙනවා.
තවද මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගල්ල, වික්ටෝරියා, රන්දෙනිගල සහ රන්ටැඹේ යන ජලාශ ද තවදුරටත් වාන් දමමින් පවතිනවා.
ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර මහතා කියා සිටියේ මහවැලි ගඟ, මනම්පිටිය ප්‍රදේශයෙන් තවමත් සුලු ගංවතුර මටිටමක පවතින බවයි.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කලේ දිස්ත්‍රික්ක 05කට දෙවන අදියරේ නායයෑම් පිලිබදව නිවේදනය සහ දිස්ත්‍රික්ක 02 කට තෙවන අදියරේ නායයෑම් පිලිබදව නිවේදන තවදුරටත් දිර්ඝ කර ඇති බවයි. මේ අතර ආනවිළුන්දාව රැම්සා අභය භූමිය තුළ පිහිටි වැව් දෙකක බැමි පැවැති ආපදා හේතුවෙන් හානියට පත් විම නිසා ඒ ආසන්නයේ ගොවිබිම් රැසකට බලපෑම් සිදුව තිබුනා.
එක් වැවක බැම්ම පුපුරා යාම නිසා එම වැව මේ වන විට සම්පූර්ණයෙන්ම සිදී ගොස් ඇති අතර ඊට යාබදව පිහිටා ඇති සුරුවිල වැවේ ද බැම්ම ස්ථාන 08 කින් බිදී ගොස් ඇති තිබෙනවා.
ඊට ගොවීන් තාවකාලික පිළියම් යොදා එය සකස් කර ඇති අතර මීට ස්ථිර පිළියම් යොදා සකස් නොකළහොත් ප්‍රජනන කටයූතු සදහා මෙරටට පැමිනෙන සංචාරක පක්ෂීන්ට මෙන්ම වගා කටයුතු සිදු කරණ ගොවීන්ටද ඉදිරියේදී ගැටළු වලට මුහුණ දීමට සිදුවනව බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
මේ අතර අනුරාධපුර හොරොව්පතාන පරංගියාවාඩිය ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාපතනයක් සමග මෙම ප්‍රදේශයේ මෙවර මහකන්නය වෙනුවෙන් වගාකර තිබූ කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් ජලයට යටවී විනාශ වී තිබෙනවා.
මේ හේතුවෙන් ගොවීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයාබැලීම සදහා ගොවි සංවිධාන කිහිපයක් එම ප්‍රදේශවලට ගොස් තිබුණා.
මේ අතර දින 22 කට පසු විශේෂ උඩරට මැණිකේ දුම්රිය බදුල්ලේ සිට අඹේවෙල දක්වා අද උදැසන 9.00 ට ගමන් ආරම්භ කලා.
දිට්වා ආපදා තත්ත්වයෙන් දඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල කොටස පිළිසකර කිරිමෙන් පසුවයි මෙලෙස දුම්රිය ගමන් යලි ආරම්භ කෙරුණේ. මේ අතර නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද දිනයේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.





