ව්‍යසනයෙන් අහිමි වූ ජීවිත යළි ලබා දිය නොහැකි වුවත් බිඳ වැටුණු ජන ජීවිතය යළි ආරම්භ කිරීම වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි සෑම අනුග්රහයක්ම ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ සහ වන්දි ප්රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ජනතාවගේ බදු මුදල් නිසි ලෙස කළමනාකරණය කිරීම ආණ්ඩුවේ පරම වගකීම බවයි
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස සඳහා නව නිවාස ඉදිකර දීම සහ වන්දි ප්රදානය කිරීමේ ජාතික වැඩසටහන ඊයේ අනුරාධපුරයේ දී සහ කුරුණෑගල දී ආරම්භ වුණා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ව්‍යසනයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් නව නිවාස තනාදීම ආරම්භ කිරීම සහ නිවාස වෙනුවෙන් වන්දි ප්රදානය කිරීමේ වැඩසටහන පැවැත්වුණේ නිකවරටිය විතිකුලිය ප්‍රදේශයේදියි





