උතුරු කොරියානු න්‍යෂ්ටික මිසයිල මගින් එල්ල වන තර්ජනය අභිබවා යමින්, චීනයේ වර්ධනය වන හමුදා බලය දැන් ජපාන ජනතාව ආරක්ෂක තර්ජනයක් ලෙස දකින බව සිකුරාදා නිකුත් කරන ලද රජයේ සමීක්ෂණයකින් හෙළි ව තිබෙනවා.
සමීක්ෂණයේදී ප්‍රතිචාර දැක්වූවන් 1,534 දෙනෙකුගෙන් 68% ක් චීන හමුදා තාක්ෂණයේ දියුණුව සහ ජපානයට ආසන්නව දකුණු චීන මුහුදේ එහි ක්‍රියාකාරකම් ඔවුන්ගේ ප්‍රධාන ආරක්ෂක කනස්සල්ල ලෙස පෙන්වා දුන් අතර, අවසන් වරට මත විමසුම පැවැත්වූ වසර තුනකට පෙර එය පැවතියේ 61% ක් ලෙසයි.
ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන තායිවානයට එල්ල වන චීන ප්‍රහාරයක් ජපානයට පැවැත්මේ තර්ජනයක් ලෙස සලකනු ලැබුවහොත් තම හමුදා යෙදවිය හැකි බව පවසමින් අගමැතිනි සානේ ටකයිචි දශකයකට වැඩි කාලයක් තුළ බීජිං සමඟ ඇති කරගත් දරුණුතම රාජ්‍ය තාන්ත්‍රික ආරවුලට දිනකට පෙර, එනම් නොවැම්බර් 6 වැනිදා සති පහක සමීක්ෂණය ආරම්භ වුණා.
මෙම සමීක්ෂණයෙන් ජපාන හමුදාවට ලැබෙන සහයෝගය ඉහළම මට්ටමක පවතින බව පෙන්නුම් කළ අතර, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 94% ක් කියා සිටියේ ස්වයං ආරක්ෂක හමුදා පිළිබඳව තමන්ට හිතකර මතයක් ඇති බවයි.
ටකයිචිගේ රජය තම ඊළඟ ආරක්ෂක සැලැස්ම සකස් කිරීමට සූදානම් වන අතර එමඟින් ආරක්ෂාව සඳහා අරමුදල් තවදුරටත් වැඩි කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ජපානය තම හමුදා සැලසුම් සමඟ කලාපීය ආතතීන් ඇති කරන බවට බීජිනය චෝදනා කර ඇති අතර, තායිවානය සම්බන්ධයෙන් මැදිහත් වුවහොත් ටෝකියෝවට බරපතළ පරාජයක් අත්විඳිය හැකි බවට ද අනතුරු අඟවනවා.





