ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලූ 5 දෙනෙක් මේ වන විට රෝහල්

තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ උපවාසය අද 7 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.
උපවාසයේ නිරත වුණු 5 දෙනෙක් මේ වන විට රෝහල් ගත කර තිබෙනවා.
වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන පාසල් සංවර්ධන නිලධාරින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා මාරාන්තික උපවාසයක් ආරම්භ කලේ පසුගිය 26 වැනිදායි.
උපවාසය අතරතුර රෝගී වූ තවත් අයෙක් අද රෝහල්ගත කෙරුණා.
මේ වන විට උපවාසකරුවන් 5දෙනෙක් රෝහල්ගත කර සිටිනවා.
මේ අතර ඔවුන්ගේ තත්ත්වය සොයා බැලීමට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද පෙරවරුවේ උපවාස භූමියට පැමිණියා
මේ අතර විපක්ෂ නයක සජිත් ප්‍රේමදාස මහතා අද එහි පැමිණියේ දෙවැනි දිනටයි.

Share