ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා සාම මණ්ඩලය සඳහා ආරම්භක සාමාජිකයින් ලෙස ඇමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් නම් කර තිබෙනවා.
ට්‍රම්ප්ගේ මැදපෙරදිග නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ඇමෙරිකා ජනාධිපතිවරයාගේ බෑණා වන ජැරඩ් කුෂ්න ද ආරම්භක විධායක මණ්ඩලයේ අසුන් ගැනීමට සූදානම් බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර යුද්ධය අවසන් කිරීම සඳහා කරුණු 20කින් යුත් සාම සැලැස්මේ කොටසක් වන සාම මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන්නේ ඇමෙරිකා ජනාධිපතිවරයායි.
මෙම මණ්ඩලය මගින් ගාසා තීරයේ ක්‍රියාකාරීත්වය තාවකාලිකව අධීක්ෂණය කිරීම හා එහි ප්‍රතිසංස්කරණ කළමනාකරණය කිරීම සිදුකෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.





