ග්ලෝබ් සෝකර් සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් ඊයේ පැවැත්වුණි.

ලෝක පාපන්දු පිටියේ විශිෂ්ටයින් ඇගයීම සඳහා ඩුබායි ක්‍රීඩා කවුන්සිලය මගින් සංවිධානය කරනු ලබන ‘ග්ලෝබ් සෝකර්’ (Globe Soccer Awards 2025) සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් ඊයේ පැවැත්වුණා.
මෙහිදී වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වුණේ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම නියෝජනය කරන උස්මාන් ඩෙම්බේලේ (Ousmane Dembele).
එමෙන්ම සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ(Cristiano Ronaldo) අල්-නසර් කණ්ඩායම වෙනුවෙන් දක්වන දක්ෂතා වෙනුවෙන් මැද පෙරදිග දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වුණා.
මේ අතර බාර්සිලෝනා කණ්ඩායමේ යොවුන් තරුව වන ලමීන් යමාල් (Lamine Yamal) වසරේ දක්ෂතම ඉදිරිපෙළ ක්‍රීඩකයායි.
වසරේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස බාර්සිලෝනා කණ්ඩායමේ අයිටානා බොන්මැතී සම්මානයට පාත්‍ර වුණා.
මෙහිදී පෘතුගාල ජාතික කණ්ඩායම දක්ෂතම ජාතික කණ්ඩායමට හිමි සම්මානය දිනා ගත්තා.

Share