අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබු අවස්ථාවේදීයි
ජා – ඇල දඩුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් සිදුකළ විමර්ශනයකට අනුව ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.





