කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහැර හේතුවෙන් පෙරහැර ගමන් කරන මාර්ගයේ රථවාහන ගමනාගමනය අද සවස 3 සිට රාත්රී 8 දක්වා සීමා කර ඇතැයි පොලිසිය නිවේදනය කරනවා.
ඒ අනුව දුරුතු පෙරහැර අද කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී කැලණි සිරිවටරවුම, පෑලියගොඩ මාර්ගය ඔස්සේ පිලපිටිය කනත්ත අසලින් ගෝනගම්පොළ මාර්ගයේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානය අසලින් වරාගොඩ මාර්ගයට පිවිස නුන්ගමුගොඩ හනදිය, ගල්බොරැල්ල, වලන්කඩේ හන්දියෙන් ඇතුළු වී විහාර මාවත ඔස්සේ බියගම මාර්ගයට පිවිස නවලෝක වාහල්කඩ ඔස්සේ යළි ගෙවදීමට නියමිතයි.





