දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමූ 2026 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන්ට අදාළ විභාගය ජනවාරි 12 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පවසනවා.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ආපදාවට ලක් වූ පාසල් 147ක් හැර සෙසු සියලු පාසල් දෙසැම්බර් 16 වැනිදා යළි ආරම්භ කරන බවයි.





