එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක්

එක්සත් ජාතින්ගේ සංවිධානය ක්ෂණික ආධාර අරමුදල යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
එම මුදල සංකේතාත්මකව පිරිනැමීමට විදේශ අමාත්‍ය විජිත හේරත් හමු වූ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත මාර්ක් ඔන්ඩ්‍රි ෆොන්ච් සහතික වූයේ සහන සේවා සහ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සහාය ලබා දෙන බවයි.
මේ අතර පෙරටත් වඩා ශක්තිමත්ව මෙන්ම ආරක්ෂිත ලෙස නැවත ගොඩනැගීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සහාය ලබා දීමට රජය සූදානම් බව එහි කළ සංචාරයක දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර තිබෙනවා.

Share