එක්සත් අරාබි එමීර් හි ජනාධිපති පැය දෙකක සංචාරයක් සඳහා නවදිල්ලියට

එක්සත් අරාබි එමීර් හි ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් පැය දෙකක සංචාරයක් සඳහා අද නවදිල්ලියට පැමිණියා.
ජනාධිපතිවරයා පිළිගැනීමට අගමැති නරේන්ද්‍ර මෝදි පෞද්ගලිකවම ගුවන්තොටුපොළට පැමිණීමත් විශේෂත්වයක්.
දෙරටේ නායකයින් අතර සාකච්ඡාවේ දී වෙළෙඳ සහ ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වුණා.
එහිදී ද්‍රව ස්වභාවික වායු ආනයනය කිරීම සඳහා දෙරට අතර ඩොලර් බිලියන 3ක ගිවිසුමකට ද අත්සන් තැබුවා.

Share