දින 09ක් පැවති පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ උපවාසය අද අවසන් කෙරුණා.
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ අද දහවල් ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡා සාර්ථක බවයි. පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ උපවාසය අද 9 වැනි දිනටත් ක්‍රියාත්මක වුණා. උපවාසය පැවැත්වෙන ස්ථානයට රවුෆ් හකීම් සහ රෝහිණී කවිරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද අද පැමිණියා. ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අද දහවල් පෙර දැනුම් දී තිබූ අකාරයට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට එක්වුණා. සාකච්ඡාවෙන් අනතුරුව එහි නියෝජිතයන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා. ඒ අනුව උපාවාසය අවසන් කළ පිරිස විසිර ගියා.





