ඉහළ බියන්විල පාර මැද්දෙන් කාණුවක් කපමින් සිදුකර තිබෙන පුදුම සහගත ඉදිකිරීම

ඉහළ බියන්විල කනත්ත පාර මැද්දෙන් කාණුවක් කපමින් සිදුකර තිබෙන පුදුම සහගත ඉදිකිරීම සම්බන්ධයෙන් අප තුන්වැනි දිනටත් බියගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් කරුණු විමසීමට ගත් උත්සහයත් ව්‍යර්ථ වුණා.
අපගේ දුරකතන ඇමතුමට පළමුව පිළිතුරු දුන් සභාපතිවරයා, ටී.වී. සුප්‍රීම් නිව්ස් අපගේ අන්‍යතාව හඳුනාගත් අවස්ථාවේහිම දුරකතනය විසන්ධි කළේ, මේ සම්බන්ධයෙන් තවදුරටත් මුණිවත රැකීමේ අදහසින් බව අපගේ මතයයි.
අප ප්‍රවෘත්ති කණ්ඩායමට මැර තර්ජන පවා සිදුකරමින්, මාධ්‍ය නිහඬ කිරීමට කැස කවන චන්ඩිපාට් හමුවේ, නොබියව අප මෙම පුවත පසුපස හඹායන්නේ මෙම අරුම පුදුම ඉදිකිරීම මහජන බදු මුදලින් සිදුකර ඇති නිසාවෙන්.

Share