ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි, දෙදින නිල සංචාරයක් සඳහා ලබන 7 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා.
ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානියා, සිය සංචාරය අතරතුරදී අරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා, යුද හමුදාපතිවරයා ඇතුළු පිරිසක් හමුවී පුහුණු සහයෝගීතාව සහ කලාපීය ආරක්ෂක කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.





