ශ්‍රී ලංකාවට එරෙහිව පැවති කාන්තා පළමු විස්සයි විස්ස තරගයෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා ඇනබෙල් සදර්ලන්ඩ් අභිබවා, ඉන්දීය ක්‍රීඩිකා දීප්ති ෂර්මා ජාත්‍යන්තර විස්සයි20 පන්දු යවන්නියන් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයට පත්වී තිබෙනවා.
මීට අමතරව ජෙමීමා රොඩ්රිගස් ජාත්‍යන්තර විස්සයි20 පිතිකාරිණියන් අතර 9වන ස්ථානයටද පැමිණ තිබෙනවා.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි විස්සයි විස්ස තරගය අද විශාකාපට්නම් හීදී පැවැත්වීමට නියමිතයි.
පළමු තරගය ඉන්දියාව කඩුලු 8කින් ජය ගත්තා.





