ඉන්දියාව 19න් පහළ ලෝක කුසලාන අවසන් තරගයට

නව වාර්තාවක් ද සමගින් 19 පහළ ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව සමත් වුණා. ඊයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය කඩුලු හතරක් පමණක් දැවී ලකුණු 310ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා. ජයග්‍රහණය හඹා ගිය ඉන්දීය කණ්ඩායම
පන්දුවාර 41.1කදී කඩුලු තුනක් පමණක් දැවී තරගය ජය ගත්තා. අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් හඹා ගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි. ඉන්දියාව සහ එංගලන්තය අතර අවසන් තරගය හෙට පැවැත්වෙනවා. තරගාවලියේ නිල විකාශන අයිතිය හිමිව ඇත්තේ ⁣ටීවී සුප්‍රීම් වෙතයි.

Share