ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන අතර, ඊට අදාළ නීතිද ශක්තිමත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.
ජනාධිපතිවරයා පැවසුවේ ස්ථාපිත කිරීමට නියමිත යළි ගොඩනැගීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ නීතිමය ප්‍රතිපත්ති සකස් කිරීම වෙනුවෙන් වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්.
මේ අතර නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් සිය විහාරස්ථානයට අයත් අක්කර 20ක ඉඩමක් ලබා දීමට මැද්දේකැටිය, ගොකරැල්ල, සංගමු රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අලුත්ගම මංගල ස්වාමීන් වහන්සේ කටයුතු කර තිබෙන අතර ඊට අදාළ ලිපි ලේඛනද මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබුවා.
වයඹ පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් වයඹ පළාත් සමුපකාර සමිති, සංගම් සහ සාමාජිකයන් එක්ව ලබා දුන් රුපියල් ලක්ෂ 100ක මුල්‍ය පරිත්‍යාගය සහ ගෝකරැල්ල හාල් මෝල අධිපති එස්.එම්. වසන්ත සමරකෝන් මහතා විසින් කළ පරිත්‍යාගයද ජනාධිපතිවරයා වෙත මෙහිදී භාර දුන්නා.





