ඉදිරියට එන සුළි කුණාටු අවදානම

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
කාලගුණ පුරෝකථන උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසා සිටියේ ඉදිරි පැය 24 තුළ දී මෙම පීඩන අවපාතය නැගෙනහිර වෙරළට ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ රාත්‍රී 11.30 වන විට පොතුවිල් සිට කිලෝමීටර 490ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.3°N සහ දේශාංශ 86.0°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුනා.
එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 24 තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟාවනු ඇති බවටයි පුරෝකතනය කෙරෙන්නේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බවයි
මේ අතර නවදිල්ලිහි සුළිකුණාටු පිලිබඳ කලාපීය කාලගුණ විශේෂඥ මධ්‍යස්ථානය ද නිවේදනය කර ඇත්තේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රී ශ්‍රී ලංකාවට කි.මී. 600 පමණ ගිණිකොන දෙසින් ස්ථාන ගතව පවති බවයි.
එමෙන්ම එය තවදුරටත් වර්ධනය වී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවටත් ඔවුන් අනතුරු අඟවනවා.
නවතම නිරීක්ෂණ සහ අනාවැකි අනුව මෙම පද්ධතිය සුළිකුණාටුවක් වීම සහ නැගෙනහිර වෙරළින් ශ්‍රී ලංකාව තුලට ගමන් කිරීමේ මධ්‍යම මට්ටමේ හැකියාවක් පවතින බවද ඔවුන් නිවේදනය කරනවා.
යම් හෙයකින් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් උතුර, උතුරුමැද, නැගෙනහිර, සබරගමුව, බස්නාහිර, දකුණ, ඌව, වයඹ සහ මධ්‍යම යන ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවත් උතුරු පළාතේ මුලතිව්, යාපනය, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය යන ප්‍රදේශවලට මි.මී 75 – 100ත් අතර, තද වැසි ලැබිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Share