ඇමරිකානු කඳු නගින්නෙකු වන ඇලෙක්ස් හොනෝල්ඩ්, කඹයක්, පටි හෝ ආරක්ෂක උපකරණ නොමැතිව තායිවානයේ පිහිටි ගොඩනැගිල්ලක මුදුනට නැගීමට සාර්ථකව සමත් වී තිබෙනවා.
එහි මහල් ගණන අනුව තායිපේ 101 ලෙස නම් කර ඇති මෙම ගොඩනැගිල්ල වානේ, වීදුරු සහ කොන්ක්‍රීට් වලින් මීටර් 508 (අඩි 1,667) ක් වන අතර එය උණ බම්බු කූරකට සමාන වන පරිදි නිර්මාණය කර තිබෙනවා.
ඔහුගේ නැගීම Netflix ඔස්සේ සජීවීව විකාශය කෙරුණා.
ඒ සඳහා ඔහු ගත කළ කාලය පැයකුත් මිනිත්තු 31ක්.





