ඇමති ලාල්කාන්ත මහබේරියතැන්න NLDB ගොවිපළ නිරීක්ෂණය කරයි

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා දිගන මහබේරියතැන්න NLDB ගොවිපළේ වත්මන් තත්ත්වය පසුගියදා නිරීක්ෂණය කළා.

මෙහිදී විදෙස් සංචාරකයන් අරමුණු කොට ගෙන පවත්වාගෙන යනු ලබන කෝපි අවන්හලක්ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර NLDB ගොවිපළේ ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කළ අමාත්‍යවරයා ගොවිපළේ ඉදිරි සංවර්ධය සදහා රජයෙන් ලබා දිය යුතු උපරිම සහය ලබා දෙන බවද සඳහන් කළා.

Share