දීමනා ඉහළ දමන්නැයි ඉල්ලන ග්‍රාම නිලධාරීන්

ආපදා සහන කටයුතු සඳහා දෙනු ලබන දීමනාව ඉහළ දමන ලෙස ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.
එහි සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ දින 10ක උපරිමයකට යටත්ව දිනකට ගෙවනු ලබන ආපදා සේවා සහන දීමනාව රුපියල් 500ක් පමණක් බවත් පවතින ආර්ථිකය හමුවේ එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

පුද්ගලයින් 700කට ආසන්න පිරිසකට දිවි අහිමි කරමින් මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම ස්වභාවික ව්‍යසනය සිදුවී මාසයක් ඉක්ම ගොස් ඇතත් එහි ශේෂ වූ කඩතොලු රැසක් තවමත් ඉතිරිව තිබෙනවා.
විනාශ වූ පොදු සහ පුද්ගලික දේපල රටේ ආර්ථිකයටද ඇති කළේ අප්‍රමාණ හානියක්.
මේ අතර සුළි කුණාටුව හේතුවෙන් සැලකිය යුතු පිරිසක් මියගිය නායයාමක් වාර්තා වූ කොත්මලේ, රම්බොඩ ප්‍රදේශවාසීන් ඊයේ ධර්ම දේශනාවක් හා සංඝයාවහන්සේ උදෙසා සංඝගත දක්ෂිණාවක් පැවැත්වූවා. මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය ඉල්ලා සිටියේ ග්‍රාම නිලධාරීන් හට ලබාදෙන ආපදා සහන සේවා දීමනා ඉහළ දමන ලෙසයි.

මෙම ව්‍යසනයෙන් සිදුවූ හානිය යතාවත් කිරීමටත්, ලහි ලහියේ රටේ සංවර්ධනය කඩිනම් කර යටතල පහසුකම් සැලසීම වෙනුවෙන් මුදල් වෙන් කිරීමට වත්මන් රජය කටයුතු සිදුකරමින් සිටිනවා.
එවන් තත්ත්වයක් යටතේ බිම් මට්ටමේ සිට රාජකාරි සිදුකරන නිලධාරීන් සම්බන්ධයෙන්ද වගකිව යුතු බලධාරීන්ගේ අවදානය යොමුකිරීම කාලීන අවශ්‍යතාවක් නොවන්නේ ද.

Share