නුවරඑළිය දිස්ත්‍රික්කයේ හානියට පත් වූ මාර්ග අතරින් හැකි සියලු මාර්ග මේ වසර අවසන් වීමට පෙර ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් ජනාධිපතිවරයා සදහන් කළේ ඒ සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බවයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ගවලට සිදුව තිබෙන හානිය සොයා බැලීම සහ ඊට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කැඳවා තිබුණා. එසේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වාරිමාර්ගවලට සිදුව තිබෙන හානි සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධ තවත් සාකච්ඡාවක් ද පැවැත්වුණා. මේ අතර නාය යෑමට ලක් වූ නුවරඑලිය රේන්දපොල ප්‍රදේශයේ අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ නිරීක්ෂනයට ලක් වුණා.




