දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගනනාවකට සිදුවු හානිය මෙතෙක් යැයි කිව හැකි හානියක් නොවේ.
කෙසේ නමුත් පැවති තත්වයත් සමග පොරබැඳි ජන ජීවිත මෙන්ම සියළුම ප්‍රදේශ ද මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අයුරු මේ වන විට දක්නට පුළුවන්.
පසුගිය 27 වනදා මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු එහි උපරීමයට විවෘත කිරීමත් සමඟ අඹන් ගඟ හරස් කරමින් මොරගහකන්ද, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ යන ගොවි ව්‍යාපාර වෙත ජලය රැගෙන යාමට වසර 2000 කට පමණ පෙර සැකසූ “ඇලහැර අමුණේ” පස් බැම්මේ කොටසක් බිදී ගියා.
මෙරට වාරි තාක්ෂනයේ විශ්මය ලොවටම කියා පෑ මේ අමුණ 2006 වසරේදී ලෝක උරුමක් ලෙසත් නම් කළ්කා.
එම පස් බැම්ම තාවකාලිකව ඉදිකර ගොවි බිම්වෙත ජලය ලබා ගැනීමට ආරම්භ කල ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ක්‍රියාත්මකයි
එම කටයුතු සඳහා කථානායකවරයාත් ඊයේ සවස පැමිණ සහය දුන්නා.
“දිට්වා” සුලි කුණාටුව හේතුවෙන් ගිලා බැසිමට ලක් වූ හැටන් නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ප්‍රදේශයේ ගිලා බැසීමට ලක් වු පාලම වෙනුවට යකඩ පාලමක් සවි කිරිමේ කටයුතු අද ආරම්භ වුණා.
ශ්‍රී ලාංකා යුධ හමුදාවේ පල්ලේකැලේ පිහිටි 31වන ඉංජිනේරු බලකාය සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම පාලමේ ඉදි කිරිම් කටයුතු සිදු කරනු ලබන බවයි අප වාර්ථාකරු සඳහන් කලේ.
මේ අතර කන්තලේ ජලාශයේ වාන් දොරටු දහයක් විවෘත කිරීම නිසා ඇති වූ ගංවතුරෙන් ප්‍රදේශයේ කුඹුරු අක්කර 8000 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම හානියට පත් ව තිබෙනවා.
ගංවතුර බැස යාමෙන් පසු වැලි සහ මඩ කුඹුරු පුරා තැන්පත් වී ඇති බැවින් තමන් විශාල අපහසුතාවකට පත්ව සිටින බවයි ගොවීන් පවසන්නේ.
බලපෑමට ලක් වූ ගොවීන්ට සුදුසු වන්දි සහ සහන ලබා දීමට අමතරව, කුඹුරු යථා තත්ත්වයට පත් කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ දිස්ත්‍රික් පරිපාලනය හදිසි පියවර ගන්නා ලෙස ගොවීන් ඉල්ලා සිටිනවා.
මේ අතර ගංවතුර සහ නාය යෑම හේතුවෙන් කුඹුරු ඉඩම් වල ගොඩ ගැසී ඇති වැලි සහ පස් ඉවත් කර ගැනීම සඳහා පවතින නීති දින හැටක කාලයක් සඳහා ලිහිල්කර ඇති බව පසුගියදා කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය හමුවකදී හෙළි කෙරුණා.
මේ අතර ආපදාවන්ගෙන් දුම්රිය මාර්ග පද්ධතියට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් හා දුම්රිය මාර්ග නැවත යතාවත් කිරීම සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යධිකාරී රවින්ද්‍ර පත්මප්‍රිය මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පැහැදිලි කිරීමක් සිදු කලා.
මේ අතර පසුගියදා ඇතිවූ ගංවතුර සහ නායාම්වලින් විපතට පත් ජනතාවට සෙත් ප්‍රාර්ථනා කිරීමේ සහ පින් අනුමෝදනා කිරීමේ ආගමික වැඩසටහනක් අලුත්ගම කන්දේ විහාරස්ථානයේදි පැවැත්වුනා
ඒ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර බුද්ධශාසන සභාවේ දෙවෙනි රැස්වීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
රට මුහුණ දුන් ස්වභාවික ව්‍යසනය නිසා අනතුරට පත් වූ සහ බලපෑමට ලක් වූ බෞද්ධ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන පිළිබඳ මෙහිදී ප්‍රමුඛ අවධානය යොමු ව තිබෙනවා
එමෙන්ම ජාතික වෙසක් උත්සවය සඳහා මින් පෙර වසරවලදී වැය වූ පරිපාලන වියදම් අවම කර එම මුදල් විහාරස්ථානවල සංවර්ධන කටයුතු සඳහා යෙදවීමටත් මෙහිදී තීරණය කලා.





