ආචාර්ය ජගත් වික්‍රමරත්න ඉන්දියාවේ සංචාරයක

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා නවදිල්ලි නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු සභාපති නිලධාරීන්ගේ 28 වැනි සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ සිය පළමු නිල සංචාරයේ නිරත ව සිටිනවා.

සමුළුවට සමගාමීව, ඉන්දීය ලෝක් සභා කථානායක ඕම් බිර්ලා මහතා ශ්‍රී ලංකා කථානායකවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි සාකච්ඡාවේදී අවධානය යොමු ව තිබෙනවා.

Share