අයිසීසී වයස අවුරුදු 19 පහළ ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා.
කණ්ඩායමට ආශිර්වාද පතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී සර්ව ආගමික වතාවත් ද පැවැත්වුණා.
ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සරයි.
මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ කවිජ ගමගේ කණ්ඩායමේ උපනායකයා ලෙස නම් කර තිබෙනවා.
දිමන්ත මහවිතාන, විරාන් චමුදිත, දුල්නිත් සිගේරා, චාමික හීනටිගල, ඇඩම් හිල්මි, චමරින්දු නෙත්සර, සෙත්මික සෙනෙවිරත්න, කුගදාස් මතුලන්, රසිත් නිම්සර, විග්නේෂ්වරන් අකාෂ්, ජීවන්ත සිරිරාම්, සෙනුජ වැකුණගොඩ සහ මලින්ත සිල්වා ලෝක කුසලනා තරගාවලිය සඳහා නම් කළ කණ්ඩායමට ඇතුළත්.
නැමීබියාවේ සහ සිම්බාබ්වේ සම සත්කාරකත්වයෙන් තරගාවලිය ලබන 15 වැනිදා සිට පෙබරවාරි 06 වැනිදා දක්වා පැවැත්වෙනවා.
මූලික වටයේ දී A කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ ඔස්ට්‍රේලියාව, අයර්ලන්තය සහ ජපානයයි.
ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ජපානය සමග ජනවාරි 17 වැනිදා පැවැත්වෙනවා.





