අමෙරිකාව සහ රුසියාව අතර අත්සන් තබන ලද අවසන් න්‍යෂ්ටික අවි පාලන ගිවිසුමේ කාලය අදින් අවසන්

අමෙරිකාව සහ රුසියාව අතර අත්සන් තබන ලද අවසන් න්‍යෂ්ටික අවි පාලන ගිවිසුමේ කාලය අදින් අවසන් වෙනවා.2010 දී අත්සන් කරන ලද මෙම අවසන් START ගිවිසුම, 2026 වසර දක්වා දීර්ඝ කරන ලද අතර, එම ගිවිසුම ව්‍යසනකාරී න්‍යෂ්ටික යුද්ධයක් වැළැක්වීම සඳහා නිර්මාණය කළ ගිවිසුම් අතලොස්සකින් එකක් ලෙසයි සැලකෙන්නේ.
ඒ මගින් දෙපාර්ශවයම සඳහා යොදවා ඇති උපායමාර්ගික න්‍යෂ්ටික යුධ හිස් සංඛ්‍යාව 1,550 දක්වා සීමා කර තිබුනා.
එමෙන්ම දත්ත හුවමාරුව, දැනුම්දීම් සහ ස්ථානීය පරීක්ෂණ ඇතුළු සීමාවන් ද එහි පනවා තිබෙනවා.
ඒ හරහා පාලනයකින් තොරව න්‍යෂ්ටික අවි ගොඩ නැගීම වැළකුනු අතර, එකිනෙකාගේ අභිප්‍රායන් වැරදි ලෙස විනිශ්චය කිරීමෙන් වැළකීම සඳහා විනිවිදභාවය පිළිබඳ පියවර ද දෙරටටම ලබා දී තිබුණා
කෙසේ වෙතත් මෙම ගිවිසුමේ කාලය අවසන් වීමත් සමග ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සඳහා බරපතල ගැටලු ඇති විය හැකි බවයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසා ඇත්තේ. එසේම රුසියාව සහ අමෙරිකාව “ප්‍රමාදයකින් තොරව” අනුප්‍රාප්තික රාමුවක් සාකච්ඡා කළ යුතු බවටත් මහලේකම්වරයා අවධාරණය කරනවා.

Share