අධිවේගයට ආ ගුවන් යානය

එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවේ බ්‍රෙවාර්ඩ් ප්‍රාන්තයේ කාර්යබහුල අධිවේගී මාර්ගයකට කුඩා ගුවන් යානාවක් හදිසි ගොඩ බෑමක් සිදුකළා.
මේ ගුවන් යානය මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක ගැටුනු අතර ඉන් මෝටර් රථය විනාශ වී ගොස් තිබුන ද, 57 හැවිරිදි කාන්තාවක වන රථයේ රියදුරු සුළු තුවාල සහිතව දිවි බේරාගෙන ඇති බව සඳහන්.
බ්‍රෙවාර්ඩ් ප්‍රාන්ත ගිනි නිවීමේ ඒකකය සඳහන් කර තිබුණේ කාර්යබහුල අධිවේගී මාර්ගයට හදිසි ගොඩබෑමක් සිදුකළ ඔර්ලන්ඩෝහි පදිංචි 27 හැවිරිදි නියමුවා සහ අනෙක් මගියා තුවාල ලබා නොමැති බවයි.

Share