මේ අතර මහනුවර, කුරුණෑගල, කෑගල්ල සහ මාතලේ දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41 කට පනවා තිබූ නාය යාමේ රතු නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
කෙසේවෙතත් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක් සඳහා මෙලෙස එක්වරම ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කිරීම හේතුවෙන් දැනටමත් සුරක්ෂිතතා කඳවුරුවල වෙසෙන ජනතාව යළි පදිංචි කරවීම සම්බන්ධයෙන් දැඩි ගැටලු මතුව ඇති බවට කෘෂිකර්ම, වාරිමාර්ග,පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසනවා.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ඊයේ රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.
මේ අතර මීගහකිවුල, බෝගහපතන ප්‍රදේශයේ අද උදෑසන නායයෑමක් සිදුව ඇති අතර ඉන් කිසිවෙතුටත් හානි සිදුව නැහැ.
අදාළ ප්‍රදේශයෙන් පුද්ගලයින් ඉවත් කිරීමට මීට පෙර කටයුතු කර තිබුණද ඔවුන් තවදුරටත් එහි රැඳී සිට ඇති බවයි වාර්තාවන්නේ.
පැවති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පවුල් 529,741ක පුද්ගලයින් 1,824,771 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 639ක් සහ අතුරුදන් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 203ක් ලෙසත් වාර්තාවනවා.





