අතුරුදන් වූ කහ ඇනකොන්ඩා පැටවා

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි කහ ඇනකොණ්ඩා පැටවා අතුරුදන් වී ඇති බවට සත්වෝද්‍යාන නිලධාරින් දෙහිවල පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
මෙරට කාන්තාවක විසින් පසුගිය සැප්තැම්බර් මස 12 වනදා තායිලන්තයේ සිට නීති විරෝධීව මෙම කහ ඇනකොණ්ඩා ඇතුළු සර්ප විශේෂ තුනකට අයත් සර්පයින් 6 දෙනෙකු මෙරටට රැගෙනවිත් තිබුණු අතර එම සර්පයින් කටුනායක ගුවන් තොටුපළ රේගුව භාරයට ගෙන දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත භාර දෙනු ලැබුවා.

Share