හැත්තෑවක දිවි බේරූ කළා ඔයේ වහලය

හිතුවක්කාර බස් රියදුරෙකුගේ තීරණයක් හේතුවෙන් කලා වැවෙන් මුදාහැරුණු සැඩ ජල පහරට හසු වී ජීවිතයත් මරණයත් අතර පැය 36 ක කාලයක් ගත කල මිනිස් ජීවිත හැත්තෑවක් පිළිබඳව දැඩි අවධානයක් පසුගිය ගංවතුර සමයේදී මතු වී තිබුණා.
මේ ජීවිතවලට රැකවරණ සැලසුයේ කලා වැවේ පාලම ඉස්මත්තේ අලුතින් ඉදිකර තිබූ කුඩා ගොඩනැගිල්ලක්.
මේ එම ගොඩනැගිල්ලේ හිමිකරුවා කියූ කතාව යි. දිට්වා සුළි කුණාටු තත්ත්වයත් සමග ඇතිවූ ස්භාවික ව්‍යසනය රටට ගෙනදුන් විපතක තරම සුළුපටු නැහැ.
දෙගොඩග තලා ගිය මහා ගංදිය රටක් ගිලගනිද්දී, ගම්මුන්ගේ කීම පවා නොසළකා, අනුරධපුර කලාවැව් පාලම මත ජීවිත 70ක් සමග කොටුවූ මේ බස් රථය ගැන කාගේත් අවධානය යොමු වුනා.
පැවති දැඩි ගංවතුර තත්වය හමුවේ බස් රථය තුළ සිරවූ මේ පිරිස කෙසේ හෝ ඉන් පිටතට ගැනීමට නාවික හමුදා මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වුනත් ඔවුන් ගොඩබිම ආරක්ෂිත ස්ථානයක් රැගෙන ඒමට පැවති අයහපත් වාතාවරණය ඉඩ දුන්නේ නැහැ.
ඒ අනුවයි නාවික හමුදා ගලවා ගනීමේ කණ්ඩායම ඔවුන් ඒ ආස්නයේ පිහිටි වහලක් මතට රැගෙන ගියේ.
අනතුරුව ඔවුන් ගුවනින් ගලවා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා එම් අයි 17 සහ බෙල් 212 හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා සැලසුමක් දියත් කළත්, ඒ මොහොතේ පැවති තත්ත්වය හමුවේ එයද ව්‍යර්ථ පළමුව ව්‍යාර්ථ වුණා.
ඒ, එම හෙලිකොප්ටර් යානා අදාළ පිරිස රැඳී සිටි වහලය ආසන්නයට ලඟා වුවහොත් එම වහලය කඩා වැටීමට ලක්වේයැයි මතුවූ බරපතල අවධානම හේතුවෙන්
පසුව අදාළ පිරිස බේරා ගැනීම සඳහා නාවික හමුදා බෝට්ටු දෙකක් එම ස්ථානයට යොමු කළත් පැවති දැඩි රළ පහර නිසා බෝට්ටු වලට පවා එම ස්ථානයට ලඟා වීම බොහෝ අසීරු වුණා.
කෙසේ වෙතත් සිය දිවි පරදුවට තබමින් ආරක්ෂක අංශ එක්ව කල මෙහෙයුමකින් පසු ඒ ජනතාව මුදා ගැනීමට හැකිවුනේ ඔවුන්ගේද පෙරපින් මහිමයක් නිසාද විය හැකියි.
එමෙන්ම මේ බස් රථයේ සිටි සියලු දෙනා ගොඩ වූ මේ වෙළඳ සැලේ වහලය ගැනත් බොහෝ දෙනා කතාබහ කලේ එය මේ සියලු ජීවිත වගකීම දරා ගත්තේ කෙලෙසින්දැයි විමතියට පත්වෙමින්.
මේ වෙළඳ සැල් වහලය සෙවිලි කර ඇත්තේ දුමින්ද අසංක නම් කලා ඔය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
ඔහු මේ ඉදිකිරීම නිසා ආරක්ෂා වූ මිනිසුන් නිසා අපට කියූ කතාවයි මේ.

මේ අතර බදුල්ල පාලවත්ත ගම්මානය නායයාමකට ලක්වීමට පෙර ඒ ගම්මානයේ මිනිසුන්ගේ ජීවිත රැක ගැනීමට දිවි හිමියෙන් කටයුතු කර තිබුනේ ටිබේට් ජාතික සිකින් අමරජෝති හිමියන්.
උන්වහන්සේගේ ප්‍රඥාවන්ත මුදා ගැනීමේ මෙහෙයුම ගැන තොරතුර අපට වාර්තා කලේ බදුල්ල ටීවී සුප්‍රීම් ප්‍රාදේශීය වාර්තාකරු පාලිත ආරිවංශ

Share