ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවය සියලුම දේශීය ගුවන් ගමන් අවලංගු කරයි

ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවය දිල්ලියේ සිට ආරම්භ වන සියලුම දේශීය ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.
මේ නිසා ගුවන් ගමන් 500 ක් පමණ පසුගිය දින දෙක තුළ ආසන්න වශයෙන් අවලංගු කිරීම හේතුවෙන් මෙම ගුවන් සේවය දැඩි මෙහෙයුම් බිඳවැටීමකට මුහුණ දුන්නා.
තම ජාලය සැලකිය යුතු ලෙස බිඳවැටී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් සමාව ඉල්ලා සිටින බව ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සේවය ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේවෙතත් ඉන්ඩිගෝ ගුවන් සේවය නැවතත් යථා තත්ත්වයට පත්වනු දැකීමට බොහෝ ගුවන් මගීන් කැමැත්තෙන් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Share